නුවරඑළිය සිගරට් ඒජන්සියක ලක්ෂ 182ක් වටිනා මුදල් හා චෙක්පතක් අද (02දා) කොල්ල කා ඇතැයි පොලීසි කියයි.
මුදලින් ලක්ෂ 145ක් හා රුපියල් ලක්ෂ 37ක වටිනාකමකින් යුත් චෙක්පතක් මෙසේ කොල්ල කා ඇත.
මෙම මුදල් හා චෙක්පත් බැංකු ගත කිරීමට රැගෙන යන අවස්ථාවේදී කොල්කරුවන් තිදෙනෙක් විසින් මෙම කොල්ලය සිදුකර තිබේ.
ලොරි රථයේ ගමන් කළ රියදුරුට හා මුදල් අයකැමිට මිරස් කුඩු ප්රහාරයක් එල්ල කර මෙම කොල්ලය සිදුකර තිබේ.