එක්කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් ශ්රී ලංකාවට ගෙන ආ පකිස්තානු ජාතික තරුණයෙකු ඊයේ (24 දා) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ගුවන් තොටුපල රේගුව සඳහන් කරයි.
මොහු දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR – 664 ගුවන්යානයෙන් දිවයිනට පැමිණ ඇති බව රේගුව සඳහන් කරයි.
මොහු සතුව තිබී හෙරොයින් කිලෝ 1 සහ ග්රැම් 400ක් සොයා ගත් බවත් රේගුව පවසියි.
සිදුවීම සම්බන්ධයෙන් ගුවන් තොටුපල රේගුව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.