සෞදි අරාබියේ සිට පැමිණි 27 හැවිරිදි ගුවන් මගියෙකු නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් ඊයේ (21දා) සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා තමන් භාවිතා කළ ඇදුම් සහ පෞද්ගලිකව භාවිතාවට ගන්නා දෑ අඩංගු ගමන් මල්ල තුළ සූක්ෂම ආකාරයට මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන ශ්රී ලංකාවට පැමිණ තිබේ.
සවස 4.00 ට පමණ සෞදි අරාබියේ සිට පැමිණි සෞදි ගුවන් සේවයට අයත් එස්.වී. - 780 දරන ගුවන් යානයෙන් මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොහු රැගෙන ආ ස්වර්ණාභරණ තොගයේ මුළු බර ග්රෑම් 225 ක් වූ අතර , ඒවායේ වටිනාකම රුපියල් 12,75,400 ක් බව රේගුව පවසයි.