එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ෆුජායිරාහි ගෘහ සේවයේ ගොස් සිටි ශ්‍රි ලංකා කාන්තාවක් කළ පහරදීමකින් පිලිපීන ජාතක ගෘහ සේවිකාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට පුවත්සේවා වාර්තා කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කාන්තාව සැකපිට අත්අඩංගුවට නෙ තිබෙයි. ශ්‍රි ලංකා කාන්තාව එල්ල කළ බව කියන ප්‍රහාරය හේතුවෙන් පිලිපීන කාන්තාව බරපතල තැලීම් හා තුවාල හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍යවරු තහවුරු කර තිබේ.
විමර්ශන වලදී ශ්‍රී ලංකා කාන්තාව අදාළ පහරදීම පිළිගෙන තිබෙන බවද එමිරේට්ස් 24/7 පුවත්සේවය කියයි.