ලක් කණ්ඩායමට ප්‍රහාර එල්ල කළ ත්රස්තයෝ 4ක් මරුට
2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී ප්‍රහාර එල්ල කළ ලක්ෂාර් ඊ ජාන්ග්වි ත්රස්තසංවිධානයේ ත්‍රස්ත සාමාජිකයන් සිවු දෙනෙකු පාකිස්තාන පොලීසිය විසින් එල්ල කළ ප්රහාරයනික් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.
අද (28දා) අලුයම පාකිස්තාන පොලීසිය හා එම ත්‍රස්ත සංවිධානය අතර සිදුවූ වෙඩි හුමවාරුකදී මෙම ත්රස්තවාදීන් සිවුදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ. පාකිස්තානයේ ලාහෝර් නුවර සමීපයේ මනවාන් ප්‍රදේශයේදී පොලීසිය හා ත්‍රස්ත සංවිධානය අතර ගැටුම සිදුව තිබේ.
ප්‍රහාරය සඳහා ත්රස්තවාදීන් හතක් පැමිණ ඇති බවත් එයින් තිදෙනෙකු අලුයම අන්දකාරය හේතුවෙන් බේරී පළාගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් මෙම පළාගිය ත්රස්තවාදීන් සොයා පාකිස්තාන පොලීසිය අද දිනයේදීත් මෙහෙයුම් දියත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නායික් මුහම්මඩ්, අබ්දුල් වහබ්, අදනන් අර්ශාඩ් හා ඒ. රෙහෙමාන් නැමැති ත්රස්තවාදීන් සිවුදෙනා මෙම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්ව ඇතැයිද, ඔවුන් සියලු දෙනාම 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝරයේදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වූවන් බවද පාකිස්තාන පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

