2012 වසරේ දී සිදුකළ ගුණත්වයෙන් බාල ගල් අඟුරු ආනයනය නිසා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 150 අලාභයක් සිදුවී ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා)අනාවරණය විය.
මේ සම්බන්ධව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වන බව එහිදී වැඩිදුරටත් සඳහන් කෙරිණි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස විදුලිබල බලශක්ති අමාත්‍ය පවිත්රාදේවිවන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
විශේෂයෙන් මේ ගනුදෙනුවට අදාළ රහස් පරීක්ෂණ පිළිබඳව තමා විමසිල්ලෙන් පසුවන බවත්, ඊට අදාළ අය ආරක්ෂා කිරීමේ කිසිදු උවමනාවක් රජයට නොමැති බවත් ඇය අවධාරණය කළාය.
මෙය මෑතකදී සිදුවූ විශාලතම මූල්‍ය වංචාව විය හැකි බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තම අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.