ඇටම්පිටිය සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ, බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් උඩමල්වත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇත.
අනතුරෙන් එහි සිටි මගීන් 45 දෙනෙකු බරපතළ තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබෙන අතර, ඉන් 16 කගේ තත්ත්වය අසාධ්‍ය බැවින් දියතලාව මූලික රෝහලට මරුකර යවා ඇත.
රවිඳු දසුන්