යාපනය මහනුවර එ-9 ප්‍රධාන මාර්ගයේදී යාපනයේ සිට මහනුවර දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට ගල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (04දා) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට කනගරායන්කුලම් පොලීසිය කියා සිටියේය.
පසුගිය 02 වනදා ඒ-9 මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංගම බස් රථයට කනගරායන්කුලම් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට පලා ගිය අතර, එම ගල් ප්‍රහාරයෙන් යුද හමුදා සෙබළෙකු හා සාමාන්‍ය වැසියකු තුවාල ලැබීය.
අනතුරුව කනගරායන්කුලම් පොලීසිය විසින් අදාළ සැකකරුවන් සොයා සිදු කරන ලද පරීක්ෂණවලින් පසුව අවස්ථා කිහිපයකදී ගල් ප්‍රහාර එල්ල කළ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් වයස අවුරුදු 20ත් 25ත් අතර පසුවන අය බවට වාර්තා වේ.
මීට පෙරද ගනගරායන්කුලම් ප්‍රදේශයේදීම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් නාවික හමුදා සෙබළෙකු තුවාල ලැබීය.