ලංගමට අලුත් බස් ගෙන්වීමෙන් ප්‍රවාහනය විනාශ වෙනවලු
"දැනට පවතින බස් රථ ප්‍රමාණයවත් නිසියාකාරව ධාවනය කරගැනීමට නොහැකිව සිටින අවස්ථාවක තවත් බස් රථ 2000 ක් අලුතින් ලංගමයට ගෙන්වීමට ප්‍රවාහන අමාත්‍යවරයා තීරණය කිරීමෙන් සිදුවන්නේ මගී ප්‍රවාහන සේවය සහමුලින්ම විනාශකර දැමීමක්" යැයි සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති රූබන් සිල්වා මහතා පැවසීය.
කුරුණෑගලදී පෙරේදා (16දා) පැවැතිමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පවසා සිටියේය. වයඹ පළාත් මගී ප්‍රවාහන බස් රථ හිමියන් සුරැකීමේ සංවිධානය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා
"මෙරට ප්‍රවාහන ක්ෂේත්රය පිළිබඳව කරුණු නොදන්නා අමාත්‍යවරුන් හා නිලධාරීන් ප්‍රවාහන ක්ෂේත්රය සඳහා පත්කිරීමෙන් මෙරට බස් සේවය මේ වනවිට විනාශයට පත්ව පෞද්ගලික බස් හිමියන් බස් රථ විකුණා දමා බස් ව්‍යාපාරයෙන් ඉවත්ව යමින් සිටිනවා.එසේ තිබියදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අලුත් බස් රථ 2000ක් ලංගමට ගෙන්වීමට යාම පිළිබඳව මෙරට පෞද්ගලික බස් හිමියන් වෙනුවෙන් දැඩි විරෝධය පළකරනවා. එය වහාම නවතා දමන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් භාරදීමට කටයුතු කරනවා.
අද බස් ව්‍යාපාරය කරගෙන යන්න බැරි තත්ත්වයකයි තිබෙන්නේ. ප්‍රවාහන ඇමතිතුමා කියන්නේ අපි ස්ට්‍රයික් කළොත් ලංගම බස් වැඩි කරනවා කියලයි. ඒ කියන්නේ බස් සංඛ්‍යාව වැඩි කරන්නේ මගීන් සඳහා නොවෙයි අපිට අභියෝග කරන්නයි. අපි නිමල් සිරිපාල ද සිල්වාගෙන් අහන ප්රශ්නය තමයි ඔය කියන බස් දෙදාහ ගෙනැල්ලා කොහෙද දුවන්නේ කියන එක. මේ රටේ බස් දුන්නේ නැති පාරවල් තියෙනවාද?
අද හැම පෞද්ගලික බසයකටම බොහෝ වේලාවට ගමන් වාර ලැබෙන්නේ එකයි නැතිනම් දෙකයි. කුරුණෑගල - කොළඹ නම් එක ගමන්වාරයයි. සමහර වෙලාවට ඒ ගමන් වාරයෙත් සෙනඟ නැහැ. නමුත් ශ්‍රී ලංගමයට එහෙම නොවෙයි. කොළඹ ගිහින් එන බස් එකට ඊට පස්සේ ඕනෑ නම් වෙන මාර්ගයකත් යන්න පුළුවන්. නමුත් අපිට එහෙම දෙන්නේ නැහැ. එහම බැලුවාම අපිට වඩා බස් රථ සංඛ්‍යාවක් ලංගමයට තියෙනවා.
ඒ නිසා අපි තදින්ම මේ වැඩේට විරුද්ධයි. අපිට මේ ගැන සාකච්ඡා කරන්න නිමල් සිරිපාල ඇමතිතුමා තවම සාකච්ඡාවක් දුන්නේ නැහැ. මේ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා සෑම හය මාසයකටම සැරයක් මේ රටේ පෞද්ගලික බස් රථ ගැන වාර්තාවක් ප්‍රවාහන ඇමතිවරයාගෙන් ලබාගන්න කියල" යැයි ද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

