මොනරාගල - කොළඹ මාර්ගයේ මින්නාන හන්දියේදී මොනරාගල සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට ප්රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ යුද හමුදා ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් 19 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන්කළ මගීන් 18 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු බව පොලීසිය පවසයි. බස්රථයේ රියදුරුද තුවාල ලබා තිබෙන අතර, තුවාලකරුවන් සියලු දෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.