ශ්‍රී ලංකාව තුළ මේ වන විට භාවිත කරන විදුලි මෝටර් රථ සංඛ්‍යාව 4000ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජය සඳහන් කරයි.
2014 වසරේදී ශ්‍රී ලංකාව තුළ භාවිත කළ විදුලි මෝටර් රථ ප්‍රමාණය 90ක් විය. විදුලි මෝටර් රථ සංඛ්‍යාව ඉහළ යෑමත් සමගම එම මෝටර් රථයන්හි බැටරි ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ.
ඒ අනුව එම ආයතන නියාමනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී තිබේ.