ලංකාවේ වාහනවල දුම් පරීක්ෂා කිරීම නිසි ලෙස සිදු නොවන බැවින් එය විධිමත් කළ යුතු බව ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා සඳහන් කළේය.
වාහනවල දුම් පරීක්ෂා සිදුකළත් ලෝකයේ කිසිදු රටක නොමැති ආකාරයට මේ රටේ වාහනවලින් අධික ලෙස දුම් පරිසරයට එකතුවන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
දිගින් දිගටම දුම් පරීක්ෂාව මෙලෙස සිදුකරනවා නම් එය නවතා දැමිය යුතු බවත්, එසේ වුවහොත් වාහන දුම්පරීක්ෂාව සඳහා වියදම්වන මුදලවත් වාහන හිමියන්ට ඉතුරුවන බවත් අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.