පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ගොඩනැගීම සඳහා සියලුම දෙනා කැප කිරීම් සිදුකළ යුතු බවත්, අමාත්‍යවරුන්ට වාහන ගැනීමට ගත් තීන්දුව පවා නවතා දැමුවේ එම කාරණය නිසා බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කළේය.
බස් එකෙන් හෝ පයින් ගොස් ජනතාවට සේවය කළ හැකි වුවත් තමා ලංකාවේ අවසාන කෙළවරේම සිටිනා අමාත්‍යවරයා නිසා තමාට හොඳ තත්ත්වයේ වාහනයක් අවශ්‍ය බවද පවසා සිටියේය.
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස තමන් රට වටේම යන බවත්, රට වටේම යාම නිසා තමාගේ බෙල්ලේ සහ කොන්ද ප්‍ර‘දේශයේ ඇට ගෙවී තිබෙන බව තහවුරු වී තිබෙන බවද අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.
තමාට ලබාදී තිබෙනා වාහන දෙකම මේ වනවිට අබලන් වීම හා අනතුරකට ලක්වීම නිසා ගරාජ වලට දමා තිබෙන බවත්, මේ නිසා පසුව හෝ තමාගේ වැඩකටයුතු කිරීමට හොඳ වාහනයක් අවශ්‍ය බවද පවසා සිටියේය.