ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම අවම වශයෙන් වසර 03කටවත් අත්හිටුවිය යුතු බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.
මෙරට වාහන පරිහරණයෙන් ඉහළම තලයට පැමිණ ඇති බැවින් රටටත්, මාර්ග පද්ධතියටත් ඔරොත්තු නොදෙන ප්‍රමාණයේ වාහන සංඛ්‍යාවක් රට තුළ පැවැතීම හේතුවෙන් මෙසේ වාහන ආනයනය සීමා කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.
එසේම රජයේ නිලධාරීන්ට ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය වෙනුවට ඒ හා සමාන මූල්‍ය ප්‍රතිලාභයක් ලබාදීම හරහා එම මුදල් වඩාත් අර්ථවත්, වඩාත් ඵලදායී කටයුත්තකට යෙදවීමට අවස්ථාව ඇති බවත් ඔහු පැවසීය.
දකුණු පළාත් කෘෂිකර්ම උපදේශක නිලධාරීන් දැනුවත් කිරීම උදෙසා ගාල්ල දක්ෂිණපාය ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී හේමකුමාර නානායක්කාර මහතා මෙම අදහස් දැක්වීය.
නිමල් අල්ගෙවත්ත