ලංකාවට දින වකවානු දෙන්න කවුරුත් නැහැ
මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත කාර්යාලයක් කොළඹ ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය කිසිදු එකඟතාවක් පළකරනැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
අද (15දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේබව කීය.
ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයක් කොළඹ ස්ථාපිත කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යොමුකළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අජිත් පී. පෙරේරා මහතා මේ බව කියා සිටියේය.
“මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාලයක් කොළඹ පිහිටුවීම සම්බන්ධ අදහස කාලයක් පුරාවට විවිධ පාර්ශ්වයන් යෝජනා කරනවා.නමුත් අපි රජයක් විදිහට එයට කිසිදු එකඟතාවක් මෙතෙක් පළකර නැහැ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීත්වය සමබන්ධයෙන් ලෝකය පැහැදීමෙන් සිටින්නේ. අද අපට බලපෑම් කරන්න, දින වකවානු දෙන්න කෙනෙක් නැහැ. අපි තමයි ලෝකයට කියන්නේ අපි කටයුතු කරන ආකාරය ගැන. යැයි කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

