ඉන්දීය ප්රිමියර් ලිග තරගාවලියේදී දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායමට මෙවර ක්රීඩා කරන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එම කණ්ඩායම හා එක්ව තිබේ. ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වන ශ්රී ලංකා කණ්ඩායම තේරීමේ කටයුතු සඳහා පසුගියදා මැතිව්ස් ඉන්දියාවේ සිට හදිසියේම ශ්රී ලංකාවට පැමිණියේය.
ඉන් අනතුරුව නැවතත් මැතිව්ස් ඉන්දියාවට ගොස් දිල්ලි කණ්ඩායම හා එක්ව තිබේ. ඉන්දීය ප්රිමියර් ලිග තරගාවලියේදී දිල්ලි කණ්ඩායම ක්රීඩා කිරීමට නියමිත මීළඟ තරගය අනිද්දා (28දා) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව කොල්කටා පිටියේදී පැවැත්වීමට නියමිතය.