ශ්‍රී ලංකාව සමග සුහදව වැඩ කිරීමට තමන් සූදානම් බවත් උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා ජනතාව එකට එක්කරනු ඇති බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සඳහන් කරයි.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. එසේම බ්‍රිතාන්‍යෙය් සිටින සිංහල හා දෙමළ වැසියන් එරට ආර්ථිකය නගා සිටුවීම සඳහා විශේෂ කාර්යයක් ඉටුකරන බවත් ඔහු පෙන්වාදෙයි.