ශ්‍රී ලංකාව මේවනවිට මැලෙරියා රෝගයෙන් තොර රටක් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
අදට(25) යෙදී තිබෙන ලෝක මලේරියා දිනය වෙනුවෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසී ය.
මැලේරියා රෝගය ඉතා පැරණි රෝගයක්.වසර 1935 දී පමණ 80,000ක් මැලේරියා වසංගතයෙන් මිය ගියා.ශ්‍රි ලංකාවට මැලෙරියා රෝගය වසංගතයක් ලෙස බලපෑවා. අද ශ්‍රී ලංකාව වසර 2012 සිට පිට පිටම මැලේරියා රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක් බවට පත් කිරීමට හැකිව තිබෙනවා. ඝර්ම කාලාපීය රටක් ලෙස ප්‍රථම රට විදියට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා යැයිද ප්‍රකාශකළේය.