ශ්‍රී ලංකාව හා නේපාලය සමග චීනය ආරම්භ කිරීමට යන ආරක්ෂක සහයෝගීතාවන් සඳහා ඉන්දියාව විරුද්ධ වන්නේ නම් චීනය ඒ සඳහා සටන් කරුණු ඇති බව චීන මාධ්‍ය සඳහන් කරයි. චීනයෝ ග්ලෝබල් ටයිම්ස් පුවත් පතේ කතුවැකිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කරයි.
චීනයේ ආරක්ෂක ආමාත්‍ය චැන්ග් වැංකුආන් ඇතුළු චීන ආරක්ෂක දූත පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ හා නේපාලයේ සංචාරයක නිරතවෙමින් සිටියි.
මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත පවසන්නේ පසුගිය දශක කිහිපයක කාලය තුළදී ඉන්දියාව සිය අසල්වැසි රටවල් සඳහා කර ඇති බලපෑම ඉවත්කිරීම පිළිබඳව චීනය දැඩි අවධානය යොමුකර ඇති බවයි.