ලංකා හොස්පිට්ල්ස් විකුණා දැමීමේ කිසිදු සැලැස්මක් නොමැති බව ලංකා හොස්පිට්ල්ස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය පවසයි.
'ලංකා හොස්පිට්ල්ස් විකුණා දැමීමේ සැලැස්මක්?' යනුවෙන් පළ කෙරුණු පුවත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා හොස්පිට්ල්ස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙසේ පවසා සිටියි.
එම නිවේදනයේ වැඩිදුරටත් පවසා ඇත්තේ අදාළ ප්‍රවෘත්තියට අදාළ ප්‍රකාශය ලබාදී තිබෙන උදය සිරිවර්ධන මහතා ලංකා හොස්පිට්ල්ස් සමාගමේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා නොවන බවයි.
අන්තර්සමාගම් සේවක සංගමයේ ලංකා හොස්පිටල් ශාඛාවේ සභාපති උදය සිරිවර්ධන මහතා විසින් ඊයේ (ජුනි 15 වැනිදා ) 'අද' පුවත්පතේ පළ කළ තිබූ එම පුවතින් කියා තිබුණේ ලංකා හොස්පිට්ල්ස් විකුණා දැමීමේ සැලැස්මක් ඇති බවයි.