කොටදෙණියාව ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන සිටින පාසල් ශිෂ්‍යයාගේ මානව හිමිකම් කඩවී තිබෙන නිසා ඒ සඳහා සාධාරණයක් ලබාදෙන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය අද (30දා) මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබිණි.
ළමයින් අත්අඩංගුවට ගැනීමේදී යම් නිර්ණායකයක් සකස් කරන ලෙසට සහ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයාගේ මානම හිමිකම් උල්ලංඝනය වන ආකාරයට පොලීසිය කටයුතු කර තිබෙන නිසා ඒ පිළිබඳව සාධාරණයක් කරන ලෙසට ඉල්ලා සිටි බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.