ලංකවේ වරාය සංවර්ධනයට චීනයේ ප්‍රධාන සහාය
ශ්‍රී ලංකාවේ වරාය ප්රමුඛ වෙනත් සංවර්ධන කාර්යයන් සඳහා තම සහය ලබා දෙන බව චීන ජනපති ෂී ජන්පිං මහතා සඳහන් කරයි.
එසේම මුහුදු සේද මාර්ගයේ මුතු ඇටය ශ්‍රී ලංකාව බැවින්, වරාය හා නාවුක ගමනාගමන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්ය භාරය අතිශය වැදගත් වන බවත් ශ්‍රී ලංකාවේ අනාගත සෞභාග්‍යය හා සමෘද්ධිය වෙනුවෙන් සහාය දක්වන බවත් ඔහු සඳහන් කළේය.
ඊයේ (15දා) යැන්ඡි විල නිකේතනයේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති එක් තීරයක් – එක් මාවතක් සමුළුවේ වට මේස සාකච්ඡා වාරය අතරතුර පැවති දිවා භෝජන සංග්‍රහය අවස්ථාවේ චීන ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් සහ එක් තීරයක් – එක් මාවතක් ප්රයත්නය සමාන්තර මාවතක ගමන් ගන්නා බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.
දිවා භෝජන සංග්‍රහයේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ එක් තීරයක් – එක් මාවතක් ප්රයත්නයේ දී ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධව අවධානය යොමු කරලීම වැදගත් බවයි.
ලෝකයේ විවිධ රටවල ආරක්ෂිතව ඇති අතීත මුහුදු සේද මාර්ගයට සම්බන්ධ පුරා වස්තු පිළිබඳ ඩිජිටල් එකතුවක් සම්පාදනය කිරීම, බෞද්ධ සංස්කෘතික සම්බන්ධතා තහවුරු කිරීම සහ පුරවැසියන් බල ගැන්වීමේ දී කාන්තා සහ තරුණ කොටස් වෙත විශේෂ අවධානය යොමු කිරීම ඒ කරුණු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

