රෝහිත් වාර්තා පිට වාර්තා බිහිකරයි
(UPDATE) එක්දින ක්‍රිකට් පිටියේ තනි ක්‍රීඩකයෙක් විසින් වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය රැස්කිරීමට රෝහිත් ශර්මා සමත්විය. ඔහු ලකුණු 264ක් රැසකළේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ විරේන්ද්‍ර ශෙවාග්ය ඔහු ලකුණු 219ක් රැස්කර තිබුණි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේදී තම දෙවැනි එක්දින ද්විත්ව ශතකය වාර්තාකිරීමට රොහිත් ශර්මා මීට සුළුවේලාවකට පෙර සමත්විය. මේවන විට ඔහු නොදැවී ලකුණු 201ක් රැස්කරගෙන සිටියි. එක්දින ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතක දෙකක් වාර්තාකළ ලොව පළමු පිතිකරුවා ලෙස ඔහු ක්‍රිකට් වාර්තා අතරට එක්විය.
ඒ අනුව මේ දක්වා එක්දින පිටියේදී ලකුණු 200 සීමාව පසුකළ අවස්ථා හතරක් පවතින අතර ඒ සියලු දෙනාම ඉන්දීය පිතිකරුවෝ වෙති.
විරේන්දු ශෙවාග්, සචින් තෙන්ඩුල්කාර් 200 සීමාව පසුකළ අනෙක් ඉන්දීය පිතිකරුවෝ වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

