සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 15 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (14දා) තීරණය කළේය.
2004 මාර්තු මස 31 වැනිදාත්,2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි මෙන්ම, උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම්වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.