පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිවඅල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමකොළඹ මහාධිකරණයේ අද (24දා) අධිචෝදනා ගොනු කළේය.
අයථා ලෙස රුපියල් මිලියන 4.3ක මුදල් ඉපැයූ බව කියමින් චෝදනා ගොනු කළ අතර ඉන් පසු සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100 ක ශරීර ඇප 4ක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.