රෝහල්වල ශල්‍ය උපකරණ ජීවානුහරණය කිරීමට බාධා
රෝහල්වල දැඩිසත්කාර ඒකකවල හා ශල්‍යාගාරවල ඇති උපකරණ ජීවානුහරණය කිරීමට යොදා ගන්නා පැරාසේෆ් ජීවානුහරණ කාරකය මේ වන විට රෝහල්වල නොමැති නිසා ඒ වෙනුවට සබන් වතුර ඇතුළු වෙනත් ජීවානුහරණ ද්‍රාවණ භාවිත කිරීමට සිදුවීමෙන් ශල්‍යාගාර උපකරණ සහ රෝගී ජීවිත දැඩි අනතුරකට ලක්වෙමින් තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය සේවාවේ මූලධර්මවලට අනුව අනුමත කර ඇති දෙයක් වෙනුවට තම හිතුමතේට වෙනත් දේවල් ආ‘දේශ කළ නොහැකි බවත්, එහෙත් මෙම ජීවානුහරණ කාරකය නොමැතිවීම නිසා සමස්ත රෝහල් පද්ධතියෙන් බහුතර රෝහල් ප්‍රමාණයක ශල්‍යාගාර දැඩි සත්කාර ඒකකවල රෝගී ජනතාවගේ ශරීරය සිදුරු කිරීමට ගන්නා උපකරණ ජීවානුහරණ කිරීමට සබන් වතුර ඇතුළු විවිධ ජීවානුකරණ කාරක භාවිත කරන බවද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
popular news
-
Tariq Nazir Friday, 28 August 2020 01:30 PM
Dear sir / Madam Hi how are you doing? We are "The ZIMAL INDUSTRIES"! We ZIMAL INDUSTRIES The Real manufacturer and Exporter Company -specialized in DENTAL
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

