දිවයින පුරා රෝහල්වල කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා පවසා සිටින්නේ රෝහල් කිහිපයක ඖෂධ හිඟයක් පැවතියද, ඊයේ (14දා) උදෑසන වනවිට එම රෝහල්වලටද අදාළඖෂධලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පියවර ගත් බවයි.
තවද, ඖෂධ ආනයනයේ ප්‍රමාදයක් ඇති අතර, ප්‍රසම්පාදන කටයුතු ආශ්රිත ගැටලු නිරාකරණය කර ආනයනය කරන ඖෂධ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද පසුගියදා ලබාගත් බව හෙතෙම සඳහන් කර සිටියේය.
ඒ අනුව, ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය ශිරාගත නික්ෂේපණ (අයි.වී) භාවිතය සඳහා හියුමන් ඉමියුනොග්ලොබියුලින් වයල්ස් 20,000ක්, හෘද රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී භාවිතයට ගැනෙන එනොක්සපාරික් සෝඩියම් එන්නත් 4000ක් අයියු මිලිලීටර් 0.6 පෙර පුරවා ඇති සිරින්ජර් 322,500 ක් මිලදීගැනීමටද, නියුමන් ඉමියුනෝග්ලොබියුලීන්ග්රෑම්5.6 වයල්ස් 30,000ක්, මෙරපෙනම් ඉන්ජෙක්ෂන් මිලිග්‍රෑම් 500වයල්ස් 150,000 ක්, මෙරපෙනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1 වයල්ස් 310,000 ක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහාද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මේ අතර පසුගිය ඔක්තෝබර් 13 වැනිදා පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී අනාවරණය වී තිබුණේ රෝහල් තුළින් ඖෂධ ලබාදීමේදී ඖෂධ බහාලන කවර හිඟයක් පවතින බවයි. ඒ අනුව ඖෂධ බහාලන කවර සම්බන්ධයෙන් වූ ටෙන්ඩරය කැඳවා කවර මිලදී ගන්නාතුරු වෙනත් ආරක්ෂිත කවර විශේෂයක් රෝහල් වෙත නිකුත් කිරීමට වෛද්‍ය සැපයීම් අංශයේ අවධානය යොමුව ඇති බවද වාර්තාවේ.