පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨයේ සිසුන්ට පේරාදෙණිය හා මහනුවර රෝහල් තුළ සායනික පුහුණුව ලබාදීම නවතා දැමීමට එරෙහිව හෙට (06දා) එම රෝහල් දෙකේ පැය 24 ක වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.
මෙම කාලය තුළ මෙම රෝහල් දෙකේ සේවය කරන ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා නිලධාරීන්, භෞත චිකිත්සක නිලධාරීන් වෘත්තීය චිකිත්සක් නිලධාරීන් රාජකාරියෙන් ඉවත්ව සිටින බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
එම රෝහල් දෙකේ සායනික පුහුණුව ලබානොදීම නිසා මෙම සිසුන්ට කුරුණෑගල, ගම්පොළ, කෑගල්ල, කොළඹ, ප්‍රදේශවල රෝහල්වලට ගොස් සායනික පුහුණුව ලබාගැනීමට සිදුව තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.