ත්රිරෝද රථ කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි ආකාරයට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් අගෝස්තු පළමුවන දින සිට ත්රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව ත්රිරෝද රථ සංගම් සඳහන් කරති. මේ අනුව දෙවන කිලෝමීටරයට අයකරන ගාස්තුව අගෝස්තු 01 වන දින සිට රුපියල් 05කින් ඉහළ දමන බව එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.