රේඩාර් තාක්ෂණයෙන් කාලගුණ දත්ත රැස්කිරීම ලබන වසරේ සිට
ශ්‍රී ලංකාව රේඩාර් තාක්ෂණ ක්‍රමය ඔස්සේ කාලගුණික දත්ත රැස්කිරීමේ කටයුතු ලබන වසරේ සිට ආරම්භ කරන බවත්, රේඩාර් තාක්ෂණ ක්‍රමවේදය දියත් කිරීමට මීට පෙරද උත්සාහ කළද එම ව්‍යාපෘතිය අසාර්ථක වූ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්.ආර්. ජයසේකර මහතා පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
මෙම ක්‍රමවේදය ඔස්සේ ශ්‍රී ලංකාව අවට පිහිටි වලාකුළු වඩා සමීපව නිරීක්ෂණය කර දත්ත ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.
ඒ අනුව ඉදිරි පැය දෙකක්, තුනක් සඳහා බලපැවැත්වෙන කාලගුණික තත්ත්වය වඩා නිවැරදිව ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙන බවද එස්.ආර්. ජයසේකර මහතා අනාවරණය කළේය.
රේඩාර් තාක්ෂණ ක්‍රමය ඔස්සේ කාලගුණික දත්ත රැස්කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා මේ දිනවල ජපාන නිලධාරීන් කණ්ඩායමක්ද දිවයිනට පැමිණ ඇතැයි අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

