ශ්රී ලංකාවෙන් ආනයනය කරන තේ සඳහා රුසියාව විසින් තාවකාලිකව පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව රුසියාවේ අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් මේ මස අවසානයේදී පැවැත්වීමට නියමිතය.
එහිදී ශ්රී ලංකාව විසින් රුසියාවට අපනයනය කරන තේ වල ආරක්ෂාව ඉහළ නැංවීම පිළිබඳව ශ්රී ලංකාවෙන් තොරතුරු ඉල්ලා සිටීමට රුසියාව සූදානම් වෙයි.
මේ සම්බන්ධයෙන් වෙන සාකච්ඡාවක් රුසියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්, ශ්රී ලංකාවේ නියෝජිතන් හා රුසියාව අතර සාකච්ඡාවක්ද පවත්වා ඇත.
ශ්රී ලංකාවෙන් රුසියාවට අපනයනය කළ තේ අඩංගු බහාලුමක කප්රා නම් කෘමියෙක් සිටීමත් සමග පසුගිය 18 දා සිට රුසියාව ශ්රී ලංකාවෙන් තේ ආනයනය කිරීම තාවකාලිකව නවත්වා දැමීය.