කොග්ගල මුහුදු තිරයේ දිය නාමින් සිටි රුසියන් ජාතිකයකු දියේ ගිලිමෙන් මියගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි.ඊයේ (22දා) පස්වරු 7.20ට පමණ දිය නාමින් සිටියදි මොහු දියේ ගිලි ඇති අතර ජිවිතාරක්ෂක නිලධාරින් විසින් විදේශිකයා බේරාගෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔහු මියගොස් තිබේ. රුසියානු ජාතිකයා 61 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ මළ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කොට ඇත.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්