රුසියානු මගී ගුවන් යානය IS බෝම්බයකට නතුවෙලා
පුද්ගලයන් 224 දෙනෙකු සමග ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට ඉහළ අහසේදී විනාශයට පත්වූ රුසියානු මගී ගුවන් යානය IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකට නතුව ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
රුසියානු ආරක්ෂක අංශ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් බෝට්නිකොව් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් වෙත පවසා ඇත්තේ යානයේ සුන්බුන් අතර විදෙස් පුපුරණ ද්‍රව්‍ය කොටස් හමුවී ඇති බවයි.
ඒ අනුව, යානයේ තිබූ බෝම්බයක් උඩු ගුවනේදී පිපිරීමට ලක්වීමෙන් පසුව දෙකඩ වූ යානය කොටස් දෙකක් ලෙස පොළොව වෙත පතිත වී ඇති බව විශ්වාස කෙරෙයි.
එමෙන්ම, යානයේ කළු පෙට්ටිය පරීක්ෂා කිරීමේදීද යානය අනතුරට පත්වීමට සුළු මොහොතකට පෙර අධික ශබ්දයක් නිකුත් වී තිබේ.
ඒ අනුව, මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් සොයා දැඩි දඬුවම් පමුණුවන බවත්, ඔවුන් කොහේ සිටියත් ඒ දඬුවම් ලබාදීමට තමා පසුබට නොවන බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් අනාවරණය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

