රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා බලවත් ලෙස විවේචනයට ලක්කළ රුසියාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු යුක්රේනයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
අද (23දා) යුක්රේනයේ කිව් අගනුවරදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. රුසියාවේ හිටපු මන්ත්රීවරයෙකු වන ඩෙනිස් වෙරොනෙන්කෝව් මෙසේ වෙඩි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබූ පුද්ගලයන් පිළිබඳව මෙතකේ තොරතුරු වාර්තා නෙවෙයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී ඩෙනිස් යුක්රේනයට පැමිණ එහි පුරවැසිභාවය ලබාගෙන තිබේ.
ඩෙනිස් කිව් නුවර මාරගයක ගමන් කරනා විට වෙඩි තැබිම සිදුව ඇති අතර ඔහුගේ ආරක්ෂකයන්ද එම ස්ථානයේ සිටි බවට තොරරතුරු වාර්තා වෙයි.