තාවකාලිකව අත්හිටුවා ඇති රුවන්පුර සහ දඹුල්ල අධිවේගී මාර්ග යළි ඉදිකිරීමේ කටයුතු ආරම්භකිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට රජය තීරණයකර තිබේ.
ඒ අනුව මෙම අධිවේගී මාර්ග මුදල් යොදවා ඉදිකිරීමට ඉදිරිපත් වන ආයෝජකයන් අතුරින් අයදුම්පත් කැඳවා තෝරාගැනීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'අද' ට පැවසීය.
මේ සඳහා මේවන විට දේශීය ආයෝජකයන් කිහිපදෙනෙක් ඇතුළුව විදේශීය ආයෝජකයන්ද ඉල්ලුම් කර ඇති බැවින් මේලෙස අයදුම්පත් කැඳවීමට තීරණය කළ බවත්, ඒ අනුව මෙම සතියේදී අදාළ අයදුම්පත් කැඳවන බවත් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රුවන්පුර සහ දඹුල්ල අධ්වේගී මාර්ග සඳහා මෙන්ම නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා කුලුනුමත ඉදිවෙන මාර්ගද මෙම ක්‍රමයට ඉදිකිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහාද අයෝජකයන්ටඅයදුම්පත් කැඳවන බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවසීය.