රුවන්ඩා මහ කොමසාරිස් අර්නස්ට් රැවිම්කෝ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් අද (28දා) පස්වරුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු විය.
ත්‍රස්තවාදය පරාජය කළ රටක් ලෙස හැමවිටම රුවන්ඩා රාජ්‍යට අවශ්‍ය ආරක්ෂක සහය ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී රුවන්ඩා මහා කොමසාරිස් අර්නස්ට් රැවිම්කෝ මහතාට දැනුම් දුන්නේය.
මෙම විශේෂ හමුවට රුවන්ඩාව නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක්ද සහභාගී වූහ. අර්නස්ට් රැවිම්කෝ මහතා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව සහ බංගලාදේශය යන රටවලද රුවන්ඩා මහ කොමසාරිස් ලෙස කටයුතු කරයි.
මෙම සාකච්ඡාව අවසානයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් විශේෂ සමරු සිහිවටනයක් රුවන්ඩා මහ කොමසාරිස්වරයාට පිළිගන්වන ලදී.