සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණිඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන වික්රමාදිත් නෞකාව සහ මයිසූර් යුද නෞකාවල විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරු සංචාරයක නිරත වූහ.
නෞකා භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී වශයෙන් පැමිණෙන ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා සහ නෞකා අණදෙන නිලධාරීන් වන කපිතාන් කේ. ස්වාමිනාදන් මහතා හා කපිතාන් එම්. පෝල් මහතා මෙහිදී අමාත්‍යවරුන් හමුවූහ.
ජනවාරි 24 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින මෙම ඉන්දීය නෞකා සුහදතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කර ඇති වැඩසටහන් රාශියකටද සහභාගි වනු ඇත.