රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මුම්බායි ඔස්සේ ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයන් සිවුදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පසුගිය (04දා) රාත්රියේදී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කර සිටියේය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 60,45,35,සහ 21 යන වයස්වල පසුවන්නන් බව රේගුව පවසයි .
මොවුන් පසුගිය 04දා මුම්බායි බලා පිටත්ව යන 9 ඩබ්ලිව් 252 දරන ජෙට් එයාවේස් ගුවන් යානයට නැගීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ඔවුන් රැගෙන ආ ගමන් මලුවල සඟවාගෙන තිබූ කිලෝ ග්‍රෑම් 116ක් බර මෙම වල්ලපට්ටා තොගය රේගුව විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම වැටලීම සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක , රසික සමන්ජිත් සහ ශ්‍රී ලාල් විජේවර්ධන යන මහත්වරුන් විසින් සිදු කර තිබූ අතර , මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ජයදේව මහතා විසින් පවත්වන ලදී.
මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කළ අතර, මෙම පුද්ගලයන් සිවුදෙනාට රුපියල් ලක්ෂ 7 බැගින් රුපියල් ලක්ෂ 28ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.