පිරිවෙන් භික්ෂු ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීම සඳහා මේ වසරේ ජනවාරි මාසයේ සිට මාසිකව රුපියල් 2500ක මුදලක් ලබාදෙන බවට ආණ්ඩුව සඳහන් කළද, මෙතෙක් ඊට අදාළ මූලික කටයුතු හෝ සිදුකර නැතැයි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය සඳහන් කරයි.
අස්ගිරි, මල්වතු මහනායක හිමිවරුන්ගේ ඉල්ලීමටත් වැඩියෙන් භික්ෂු ශිෂ්‍යයන්ට පහසුකම් සැලසීම සඳහා මෙම රුපියල් 2500ක මාසික මුදල ලබාදෙන බවට අයවැය කතාවේදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළ බවද එම සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ අවධාරණය කළහ.
මේ සඳහා රුපියල් කෝටි 05 ක මුදලක්ද වෙන් කළ බවත්, මේ නිසා ජනවාරි මාසයේ සිට මෙම මුදල ලබාදීමට කටයුතු කරන්නේ යැයි පැවසූ බවත් උන්වහන්සේ සඳහන් කර සිටියහ.
එහෙත් වසරේ පළමු අධ්‍යාපන මාස තුන අවසන් වෙමින් තිබුණද,එම මුදල ලබාදීමට අදාළ මූලික කටයුතු හෝ මෙතෙක් සිදුකර නැතැයිද ඒ හිමියෝ අවධාරණය කළහ.
මේ නිසා භික්ෂු ශිෂ්‍යයන්ට ලබාදෙන රුපියල් 2500 මාසික දීමනාවද වර්තමාන ආණ්ඩුවේ මාධ්‍ය සංදර්ශනයට පමණක් සීමාවී ඇතැයිද උදිත හිමියෝ සඳහන් කර සිටියහ.