කොළඹ නගරය හා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ධ කරමින් කැලණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීම අද (28දා) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
මෙම නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනය හරහා ජපන් යෙන් මිලියන 35,020ක (දළ වශයෙන් රු.මිලියන 45,526) ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) වෙතින් ලබාදීමට ජපාන රජය විසින් එකඟතාවය පළකර ඇත.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබෝ මහතා ජපන් රජය වෙනුවෙන්ද, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්ද මෙම මූල්‍ය ප්‍රදාන එකඟතාවට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කළේය.
මීට අදාළ ගිවිසුම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි අමාඩා මහතා විසින් අත්සන් තබන ලදී.