ගම්පහ ඉඹුල්ගොඩදී රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදුන් බව කියන යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගවම හඳුනා ගැනීමට උපාලි තෙන්නකෝන් මහතා හා එම මහත්මිය සමත්වූහ.
අද (26දා) හදඳුනාගැනීමේ පෙරට්ටුව ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මලිත් හේරත් මහතා ඉදිරියේ පැවැත්වීය. 2009 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම පහරදීම සිදුවූ අතර පසුව ඔහු රට අතහැර ගියේය.