රට පුරා ක්‍රියාත්මක රියදුරු පුහුණු පාසල් වෙත ජාත්‍යන්තර මට්ටමේ නවීණ උපකරණ හඳුන්වා දී විධිමත් පුහුණුවක් ලබාදීමත්,ඒ අනුව අදාළ උපකරණ මිලදී ගැනීමට රියදුරු පුහුණු පාසල් හිමියන්ට සහනදායී මූල්‍ය ණය ක්‍රමයක් හඳුන්වාදීමටත්මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු යොදා තිබේ.
එම සභාව ප්‍රකාශ කර සිටියේ, මේ පිළිබඳ වූ සාකච්ඡාවක් ජපානයේ විශේෂඥයන් පිරිසක් සමග පසුගියදා පැවැත්වීමට කටයුතු කළ බවයි.
ඒ අනුව අදාළ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ජපානයේ සහයෝගය ලබා ගැනීමට නියමිත බවද සඳහන්වේ.
නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින් අන්තර්ජාතික මට්ටමින් රියදුරු පුහුණුව සිදු කළහොත් එමගින් වඩාත් ගුණාත්මක බවින් ඉහළ රියදුරෙකු බිහිකරවා ගැනීමට හැකිවනු ඇති බව සඳහන් කරන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, එලෙස දැනුමෙන් පිරිපුන් රියදුරන් රියදුරු වෘත්තියට එකතුවීම තුළින් ඉහළ යන මාර්ග අනතුරු සංඛ්‍යාව එක්තරා ප්‍රතිශතයකින් පාලනය කළ හැකි බවද පෙන්වා දෙයි.
මාර්ග අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාව තුළදිනපතා පුද්ගලයන් 08 දෙනෙකු මාර්ග මත මියයන අතර, 20ට ආසන්න පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වේ.
2017 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා සිදු වූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 2,910කි. ඉන් 3,078 දෙනෙකු මියගොස් ඇත.
එහිදී පදිකයන් 935ක්, යතුරුපැදිකරුවන් 998ක්, පසුපැදිකරුවන් 187ක්,රියදුරන් 239ක්, මගීන් 423ක්,පැපැදිකරුවන් 289ක් හා වෙනත් 07 දෙනෙකුද මියගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්තා පෙන්වා දෙයි.