තණමල්විල - ලුණුගම්වෙහෙර ප්රධාන මාර්ගයේ බෝගහවැව ප්රදේශයේදී දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
මාතර සිට අම්පාර බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.
අනතුරෙන් ත්රිරෝද රථයේ ගමන් කළ රියදුරු ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙකු තුවාල ලබා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් ඇත.
රණවරනාව ප්රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අයෙකු සහ ත්රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 33 හැවිරිදි තණමල්විල දෙව්රම්වෙහෙර ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව සිටිති.
අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇත.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රාහුල් සමන්ත