රිදීමාලියද්ද ප්රාදේශීය සභාවේ උප සභාපති ජයවීර රත්නායක මහතා අද (03දා) දහවල් රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ එහි සැලසුම් අධ්යක්ෂවරියට බැණ තර්ජනය කර ලිපිගොනුවක්ද ඉරා පොළවේ ගැසූ බවට එම සැලසුම් අධ්යක්ෂවරිය විසින් මහියංගණ පොලීසය වෙත පැමිණිලි කර තිබේ.
උප සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ ගිවිසුමක පැවැති අඩුපාඩුවක් පෙන්වාදීමට යාමේදී උප සභාපතිවරයා විසින් මෙලෙස සැලසුම් අධ්යක්ෂවරියට බැණ තර්ජනය කර ලිපි ගොනුව ඉරා දමා ඇතැයි පැවසේ.
එන්.කේ. නිශ්ශංක මීගහකිවුල