(UPDATE) ගාල්ල රිච්මන්ඩ් විදුහල හා මහින්ද විදුහල අතර පාසල් මහ ක්රිකට් තරගය අතර තුළ ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් නිළධාරීන් දෙදෙනෙක් හා ආදි සිසුන් සිවු දෙනෙක් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
------------------------------------------------------------------------------------------------------------
ගාල්ල රිච්මන්ඩි විදුහල හා මහින්ද විදුහල අතර පැවැති පාසල් ක්රිකට් ගැටුමේදී මහින්ද විදුහලට සම්බන්ධ වූ බවට සැලකෙන පිරිසක් පිටියට පැමිණ කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එය පාලනය කිරිම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කරනු ලැබීය.
ඒ හේතුවෙන් රිච්මන්ඩ් විදුහලට තරගයේ ජය ලබා දීමට තරග තීරක තීරණය කළේය.
රිච්මන්ඩ් විදුහල පළමු ඉනිම 257/9
මහින්ද විදුහල පළමු ඉනිම 128/10
මහින්ද විදුහල දෙවැනි ඉනිම 126/9
සිරංගිකා ලොකුකරවිට