රැස් නොවන බව කී කැබිනට්ටුව රැස්වෙයි
කැබනට් සංශෝධනයක් නොකොට නොපවත්වන්නේයැයි ප්‍රකාශයට පත්ව තිබූ කැබිනට් මණ්ඩලය විනාඩි 45ක පමණ කාලයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණි.
මෙම කැබිනට් මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී නොවුණු අතර ඉතා හදිසියේ මෙම කැබිනට් මණ්ඩලය රැස්කිරීම නිසා බහුතරයක් අමාත්‍යවරු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවිණි.
එහෙත් මෙම කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල සංදේශ 39ක් පමණ ඉදිරිපත් කෙරුණු අතර ඒවා ඉතා කෙටි කාලයකදී අනුමත කිරීමද ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් සිදුවීමද විශේෂ කරුණක් විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රධානයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ (16දා) උදෑසන 10.00ට රැස්වූ අතර, ඉතාම 10.45ට පමණ කැබිනට් මණ්ඩලයේ කටයුතු අවසන් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
ජාත්‍යන්තර වෙසක් සැමරුම සාර්ථක කරගැනීමට දායකවීම වෙනුවෙන් සහ ජාත්‍යන්තර වෙසක් දිනය ඉතා උත්කර්ශවත් අයුරින් සංවිධානය කිරීමේදී සහාය වූ සැමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයේදී සිය ස්තුතිය පුද කළේය.
විශේෂයෙන් මෙහිදී අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශයටත් දියවන්නා වෙසක් කලාපය සාර්ථක අයුරින් සංවිධානය කළ බස්නාහිර හා මහ නගරසභා අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයා සිය ප්‍රසංශාව පුදකළේය.
සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ සලකා බැලීමෙන් අනතුරුව ආණ්ඩුවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන අතර, ඊයේ දිනයේදී එවැන්නක් සිදුව නොමැත.
මේ දිනවල අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පිළිබඳ විශාල ලෙස සාකච්ඡා වුවද, ඒ සම්බන්ධයෙන් හෝ කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු වී නොමැත.
ඩෙංගු මර්දන ජනාධිපති කාර්යසාධක බළකායේ විශේෂ හමුවක් ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ අතර, ඒසඳහා සහභාගි වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස කැබිනට් මණ්ඩලය ඉතා ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කරන්නට ඇතැයිද රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් 'අද' ට පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටීමද ඇතැම්විට එයට හේතුවක් වන්නට ඇති බවද ඔහු කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

