උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා රාජ්‍ය ආයතනවල පවතින පුරප්පාඩු පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය ලේකම්වරයා පත්කළ කමිටුව සහ රැකියා විරහිත උපාධිධාරී සංගමය අතර හෙට (28දා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
මෙහිදී කමිටුව විසින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථාපිත ආයතනවල පවතින පුරප්පාඩු ප්‍රමාණය පිළිබඳව සහ ඒ සඳහා උපාධිධාරීන් බඳවා ගන්නා ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල නිලධාරීන් හා අධ්‍යාපන, මුදල්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරුන් නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී වන බව වාර්තා වේ.