රාවණා බලය පොලිස් මූලස්ථානයට යයි
මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමා සහ යාපනය අගරදගුරු තෝමස් සුන්දරනායගම් පියතුමා විසින් ශ්‍රී ලංකා හමුදාව පිළිබඳව කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා රාවණා බලය සංවිධානය අද (16දා) පෙරවරුවේදී පොලිස් මූලස්ථානයට ගොස් ලිපියක් භාරදුන්නේය.
පසුගියදා මෙරටට පැමිණි යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකානු විශේෂ නියෝජිත සටීවන් ජේ. රැප් මහතා මුණගැසී අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධව ඉහත පූජකවරුන් දෙදෙනාට නීතිය ක්‍රියාත්මක නොකළේ මන්දැයි මෙම අවස්ථාවට එක්වූ රාවණා බලය සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රශ්න කළහ.
පොලිස් මූලස්ථානයට පැමිණෙද්දී පොලිස්පතිවරයා නොසිටි බැවින්, නියෝජ්‍ය පොලිස්පති අජිත් වික්‍රමසේකර මහතාට අදාළ ලිපිය භාරදෙමින් මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

