සිහි මුර්ජා වී ඇති රාවණ රජුට නැවත සිහිය ලබාදෙන බව පවසමින් රාවණ ගුහාවට ගිය කාන්තාව ඇතුළු පිරිසට රාවණ ශක්ති සංවිධානය විරෝධ්ය දක්වයි.
මෙය රාවණ නාමය අවභාවිතයේ යෙදෙවීමක් බවත් පුද්ගලික වාසි තකා එවැනි දේ කරන බවත් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ වෙයි. එසේම මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයිද ඔවුහු ආරක්ෂක අංශයන්ගෙන් ඉල්ලා සිටිති.
"මහා රාවණ යුගයට ආදරය කරන සියලු දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ මෙවැනි අදබාල පුද්ගලයන්ට හසු නොවන ලෙසත් මෙවැනි උන්මතක පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත්ය. ඵෙතිහාසික මහාරාවන නාමය කිසිවෙකුට හෑල්ලුවට පත්කිරීමට ඉඩ දිය නොහැක. මෙම කණ්ඩායම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස අප ආරක්ෂක අංශ වෙතින් ඉල්ලා සිටිමු." යැයි එම නිවේදනයේ සඳහන් වෙයි.