අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා විසින් කටයුතු කරන සමයේදී රුපියල් මිලියන 09 ක් ගෙවිය යුතු ආයතනයකට රුපියල් මිලියන 42ක් ගෙවා තිබෙන බවට සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට අද (09දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ජනවාරි 08 වැනි දිනට ආසන්න දිනකදී මෙම මුදල් ගෙවා තිබෙන බවත්, ධීවර අමාත්‍යාංශයට උපදේශන සේවා ලබාගත් ආයතනයක් සඳහා රුපියල් මිලියන 09 ක මුදලක් ගෙවීමට සිදුවූ බවද පවසා සිටියේය.
අදාළ මුදල වෙනුවට රුපියල් මිලියන 177 ක මුදලක් ගෙවීමට අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සැලසුම් කළ බවත්, අදාළ මුදලින් මේ වන විට රුපියල් මිලියන 42 ක මුදලක් ගෙවා තිබෙන බවද සඳහන් කළේය.
මේ නිසා රුපියල් මිලියන 09 ක් ගෙවිය යුතු ආයතනයකට රුපියල් මිලියන 177 ක් ගෙවීමට සැලසුම් කිරීම හා එම සැලැස්මට අනුව රුපියල් මිලියන 42ක් ගෙවීම නීති විරෝධී බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.